සදාකාලික සතුරන් නැති
‘රාජාණ්ඩු පාලනේ’
ලෝකයේ නවතම සංවාද අතර ඇති පී (P) අකුරු පහකි. ජනතාව (ඡැදචකැ), සමෘද්ධිය (ඡරදිචැරසඑහ), ග්‍රහලෝකය (ඡක්බැඑ), සම්බන්ධතාව (ඡ්රඑබැරියසච), සාමය (ඡැ්ජැ) යනු ඒ අකුරු පහයි. මේ අකුරු පහේ විස්තර කිරීම් සෑහෙන්න දීර්ඝ ය. ඒවා අපට මෙතැන්ට වැඩක් නැත. එහෙත් නව ලෝකයේ අනුපිළිවෙල - 2030 (භැඅ උදරකා ධරාැර-2030) මේ අනුව සැකසී ඇති බවටයි ලෝකය වාද කරන්නේ. ඇත්තටම එය ව්‍යාපෘතියකි.
මේ වගේම පී (ඡ) අකුරු හතරක් ලංකාවේ ඇත. ඒ පී අකුරු හතර ගැන කිව්වේ වෙන කවුරුවත් නොවේ. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය. ඒ, ඔහු විපක්ෂ නායක ධුරය දැරූ. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේ ය. ෆෝ පී’ස් (4ඡ.ි) යනුවෙන් මෙසේ හැඳීන්වූයේ ප්‍රකට ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා, සුමල් පෙරේරා, නිමල් පෙරේරා සහ අශෝක් පතිරගේ ය. ව්‍යාපාරික මට්ටම්, රජයේ ව්‍යාපෘති කිරීම්, මුදල් උපයන මාර්ග, දේශපාලනඥයන් සමග පවත්වන සම්බන්ධතාවල තරම වැනි කරුණු රැසක් මූළික කරගනිමින් මේ හැඳීන්වීම කරන ලදි.
මේ අතරින් අනෙක් නම් කෙසේ වෙතත් පසුගිය සති කිහිපයේ ඉහළට ම පැමිණි නම වූයේ ධම්මික පෙරේරා ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා එන බව මාස කිහිපයක් තිස්සේ කතාබහට ලක්විය. ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ද හැසිරුණේ ඒ විදිහට ය. ඔහු යාපනයට ගොස් කිව්වේ යාපනයේ සංවර්ධනය අලුත් විදිහකට කරන හැටි ය. එය අසා සිටි අයට දැනුණේ ජනාධිපතිවරයකුට මිස වෙනත් අයෙකුට මේ ආකාරයට ප්‍රතිපත්ති වෙනස් කොට වැඩ කළ නොහැකි බව ය. එහෙත් හදිසියේ ම ධම්මික පෙරේරා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ට ලිපියක් යවමින් පෞද්ගලික හේතු මත ජනාධිපති ධුර අපේක්ෂකත්වය බාර නොගන්නා බව පවසා තිබිණි.
ධම්මික වෙනුවට නාමල් ආපු එක අහම්බයක් ද?
එහි අපේක්ෂකයා කවුද යන්න රටට කියන්නට සැලසුම් කර තිබුණේ පසුගිය 07දා ය. ලියුම එළියට ආවේ 06දා ය. ඊට දින දෙකකට පෙර, එනම් 04දා ද ෂැංග්‍රිලා හෝටලයේදී ධම්මික කියා තිබුණේ පොදුජන පෙරමුණෙන් අවස්ථාව ලබාදෙමින් ආරාධනය කරන්නේ නම් තමන් ජනාධිපතිවරණයට තරග කරන බවකි. කෙසේ වෙතත් ඔහු කියූ පෞද්ගලික හේතුව බොහෝ විට ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ එකක් වන්නට ඇත. ඔහුගේ සමාගම්වල කොටස් හිමියන් සමග ඔහු මේ ගැන සාකච්ඡා වට ගණනාවක් පවත්වන්නට ඇත. දිලිත් ජයවීර නම් ව්‍යාපාරිකයා ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමත්, ධම්මික පෙරේරා නම් ව්‍යාපාරිකයා එතැනට ඒමත්, එකක් වගේ පෙනුණාට පැහැදිලිවම දෙකකි. දිලිත්ට වඩා ධම්මිකගේ ව්‍යාපාරික පරාසය පුළුල් ය.
ධම්මික ඉවත් වූවාට ඔහු සද්ද නැතිව ඉන්න බවක් පෙනෙන්නේ නැත. අද (11) හෝමාගමදී ඔහු දරුවන් සහ මව්පියන් දස දහසක් කැඳවා විශාල රැස්වීමක් පවත්වන්නේය. එය ඔහුගේ අධ්‍යාපන ව්‍යාපෘතියකට අයත් දෙයකි. එහෙත් මේ සෙනග සමග ගනුදෙනුවේ අවසානය අධ්‍යාපන ව්‍යාපෘතිය නොවන බව පැහැදිලි ය.
ධම්මිකගේ අනුප්‍රාප්තිකයා ලෙස පෙන්වමින් කරළියට ආවේ නාමල් රාජපක්ෂ ය. නාමල් අපේක්ෂකත්වය ගත්තේ මහින්ද රාජපක්ෂටත්, බැසිල් රාජපක්ෂටත් වැඳීමෙන් පසුව ය. 2021 වසරේදී ප්‍රකට දේශපාලන විචාරක, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඔහුගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුවේ මෙසේ ලිව්වේය.
‘නාමල් ගමන යන වේගය අනුව නම්, ඔහු 2029 වන තෙක් ඉවසන්නේ නැත. 2024දී ම ඔහු අපේක්ෂකයා වන්නේය.’
මේ වෙලාවේ සියල්ලන් කිව්වේ එය කිසිසේත්ම සිදු නොවන බවකි. එහෙත් දැන් එය සිදු වී තිබේ. දේශපාලනයේ සිදු වන වෙනස්කම් කාලයෙන් කාලයට එන්නේ රැළි ලෙස ය. මහින්ද රාජපක්ෂ අවසානයට කියා තිබුණේ මේ මොහොතේ පක්ෂයත්, පවුලත් රැකගෙන ඉදිරියට යෑමට හොඳම විසඳූම නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බවයි. පසුගිය සතියේත් මේ තීරුවේ ලිව්වේ මහින්ද කතා කරන්නේ හැත්තෑව දශකයේ මුල සිට එකතු කරගත් දේශපාලන අත්දැකීම්වලින් ය. නාමල් කතා කරන්නේ විධායක ජනාධිපතිවරයකුගේ පුත්‍රයකු ලෙස දේශපාලන පිටියේ අයන්න කියූ තරුණයකු ලෙසිනි.
එහෙට - මෙහෙට - අන්තිමට වළට
කෙසේ වෙතත් නාමල් දැම්මා කියා වෙනසක් සිදුවූයේ නැත. පවිත්‍රා වන්නිආරච්චිත් රනිල් ළඟට ගියාය. ඇය ලිපියක් ලියමින් කිව්වේ තමන්ගේ පාක්ෂිකයන්ගේ බලවත් ඉල්ලීම නිසා මෙය සිදුකරන බවයි. රෝහිත අබේගුණවර්ධන කිව්වේ අම්මා කියූ නිසා රනිල් ළඟට යන බවයි. ආරංචියේ හැටියට නම් මේ රනිල් ළඟට යන රැල්ල වගේම, ගිය කිහිපදෙනෙක් ආපසු නාමල් ළඟට එන්නට ද නියමිත ය.
ඒ අතර දැනට රාජ්‍ය ඇමැති ධුර දරන අටදෙනෙක් ද වෙති. ඩී.වී. චානක, තේනුක විදානගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් ඒ පිරිසයි. ඔවුන් රාජ්‍ය ඇමැති ධුරවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. රනිල් ඕනෑ කියූ ප්‍රසන්න රණවීරත් එතැන සිටී. මේ කතාව අස්සේ තවත් කතාවකි කියන්නට තිබේ.
ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට ලිපියක් යවා තිබිණි. මේ ලිපියෙන් කියා ඇත්තේ හැකි නම් ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙසයි. රනිල්ට ජනාධිපති ධුරය දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් නැති වුවද, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කොට මේ මොහොතේ ධුරයේ රැඳීසිටීම සදාචාරාත්මක නොවන බව එම ලිපියේ සඳහන් ය. කොහොම වුණත් මේ ජනාධිපතිවරණයේ හොඳ ම ටික සිදුවන්නේ සැප්තැම්බර් මුල් සතියේ හෝ ඉන්පසුව ය. එවිට අලුත් රැළි, වෙනස් වැඩ රැසක් සිදුකරන්නට හැම පක්ෂයක් ම සැලසුම් හදමින් සිටී. ඊට හේතුවක් ද තිබේ. ඡන්දය ගැන එළියට එන හැම බුද්ධි අංශ වාර්තාවකින් ම කියන්නේ ඡන්දදායකයන්ගෙන් සියයට 40ක් තවමත් පාවෙන බවයි.
සජබයට නොගිය රිෂාඩ් - පාඨලී සැලැස්ම
සමගි ජන බලවේගය 08 වැනිදා ඔවුන්ගේ අලුත් ම පියවර තිබ්බේය. ඒ සමගි ජන සන්ධානය කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී එළිදක්වමින් ය. එහිදී පක්ෂ 10ක් එම සන්ධානයට එක් විය. දයාසිරිලා, ජී.එල්.ලා, ඩලස්ලා, දිගම්බරම්ලා, හකීම්ලා, අර්ජුනලා, මනෝ ගනේෂන්ලා එතැන සිටියහ. එහෙත් සජිත් සමග වගේ සිටි රිෂාඩ් බදියුදීන් එතැන සිටියේ නැත. රිෂාඩ් කියන්නේ නාම යෝජනා ලබාදෙන දිනය වන අගෝස්තු 15 වැනිදාට පෙර දිනයේ තමන් සහයෝගය දෙන්නේ කාටද යන්න කියන බවයි. එනම් රිෂාඩ් ඉන්නේ වැට උඩ ය.
සජිත්ගේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන ලක්ෂ්මන් ෆොන්සේකා මේ දිනවල නිරන්තරයෙන් රිෂාඩ් හමුවන බව ප්‍රකට කරුණකි. ඒ වගේ ම රනිල්ගේ සමීපතමයකු වන වජිර අබේවර්ධන ද රිෂාඩ් හමුවෙමින් සිටී. රිෂාඩ් මේ තරම් වටින්නේ මන්නාරමේ, පුත්තලමේ ඡන්ද ටික නිසා ය. මේ වගේ වටින තවත් චරිතයක් සිටී. ඒ, පාඨලී චම්පික රණවක ය. පාඨලීලා කොයි පැත්තට ද යන්න 10 වැනිදා කියන්නට නියමිත ව තිබිණි. ඊට හේතුව ඔවුන්ගේ ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලය සෙනසුරාදා රැස්වී, මේ ගැන අවසාන තීරණය ගැනීමට නියමිත ව තිබීම ය. ඔවුන්ගේ දේශපාලන මණ්ඩලයේ අතිබහුතරයක් සිටින්නේ සජිත්ගේ පැත්තට යමු කියා ය. ශිරාල් ලක්තිලක වැනි කිහිපදෙනෙකු පමණක් සිටින්නේ රනිල් ළඟට යමු කියමිනි. කෙසේ වෙතත් ආරංචි විදිහට පාඨලීගේ පක්ෂයේ පහළ පෙළේ සංවිධායකවරුන් බහුතරයක් සිටින්නේත් රනිල්ට කැමැත්තෙන් ය.
සදාකාලික සතුරන් නැති අමුතු පාලනේ
මේ අතර රොෂාන් රණසිංහ, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා වැනි අයත් සජිත්ගේ සුගතදාස ක්‍රීඩාංගන රැස්වීමට එන බවක් පැවසුණද, ඔවුන් ආවේ නැත. රාජපක්ෂලා විවේචනය කරමින් සිටියද, හදිසියේ නාමල් සහ රොෂාන් අනුරාධපුරයේදී හමුවුණු බවක් ද ආරංචි ය. ඒ හමුව සිදුවී ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින් දුරකතනයෙන් අමතා නාමල් රාජපක්ෂට ‘අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙනවද’ යනුවෙන් විමසූ දිනයේදී ම ය. නාමල්ගේ පැත්තෙන් කියන්නේ එය සිදුවූයේ ධම්මික ලිපිය බාරදීමෙන් පසුව බවකි.
දයාසිරි ජයසේකර සහ සජිත් ප්‍රේමදාස ගැටුම ආරම්භ වී මේ වන විට වසර 11කටත් වැඩි ය. දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැති නිසා දයාසිරි දැන් නැවතත් සජිත් එක්ක ය. දයාසිරි සජිත් සමග සිටින විට ඔහුගේ සහෝදරයා වන ජනප්‍රිය ගායකයකු සහ සංගීතඥයකු වන කිත්සිරි ජයසේකර සිටින්නේ ජාතික ජන බලවේගය සමගයි. සහෝදරයා ගැන අහන විට ඔහු නිතරම කියන වාක්‍යයක් තිබේ. ඒ, මම පෙනීඉන්නෙ රට වෙනුවෙන් යන්නයි.
රජතුමාට විරුද්ධ වූ ලාල් කාන්ත
ජාතික ජන බලවේගය හදිසියේ ම අකරතැබ්බයකට මුහුණ දුන් බවක් පෙනෙන්නට තිබිණි. ඒ, ලාල් කාන්ත නිසා ය. 2022 අරගලය පැවැති කාලයේ පාර්ලිමේන්තුව වැටළීමට සූදානමින් සිටි බවක් පැවසූයේ යැයි කියමින් ආණ්ඩුව, විපක්ෂය එක්ව ජාතික ජන බලවේගයට පහරදෙමින් සිටී. සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ රජිත ලක්මාල් සහ සමගි නීතිඥ සම්මේලනයේ පිරිසක් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කළහ. ඒ, දණ්ඩ නීති සංග්‍රහයේ 06 වැනි පරිච්ඡේදය යටතේ ඇති 114 වගන්තියට අනුව ය. එහි දැක්වෙන්නේ රජතුමාට විරුද්ධව යුද්ධ කිරීම, යුද්ධ කිරීමට තැත්කිරීම, යුද්ධ කිරීමට අනුබල දීම බරපතළ වරදක් බවත්, ඊට දඬුවම මරණ දඬුවම බවත් ය.
මේ විදිහට ම පසුගිය කාලයේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ තරුණයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනිණි. එහි දැක්වෙන්නේ ‘කතා කරනු ලැබූ හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි නිරූපණවලින් පිහිටුවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් අවුස්වතොත් හෝ ඇවිස්සීමට තැත්කරතොත් හෝ නීතිය ක්‍රියාවෙහි යෙදවීමෙහි දී වෛරයක් හෝ අගෞරවයක් ඇති කරවතොත් හෝ ඇති කරවීමට තැත්කරතොත් හෝ නීත්‍යනුකූල මාර්ගවලින් නොව අන් ලෙසකින් පිහිටුවනු ලැබූ යමක් වෙනස් කරවීමට රජතුමාගේ වැසියන් උනන්දු කරවතොත් හෝ රජතුමාගේ වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇතිකරවීමට හෝ එබඳු වැසියන්ගේ වෙනස් පංති අතර සතුරු වූ ද අසමගි වූ ද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක ලිහිල් බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතුය’ යනුවෙනි.
අධිකරණ කිහිපයකින් ම මේ ගැන තීන්දු ලබාදුන්නේ රජතුමෙකු හෝ රාජාණ්ඩුවක් දැන් නොමැති බවටයි. එය ලාල් කාන්තට එරෙහි චෝදනාවලට ද අදාළ වන බව නීතිඥයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක බ්‍රහස්පතින්දා මීට පිළිතුරක් දුන්නේය.
‘පුළුවන් නම් අත්අඩංගුවට අරන් පෙන්වන්න.’
ඔහු ඒ අභියෝගය කරන අතර තවත් කතාවක් ද කිව්වේය. ඒ, හතර වටෙන් ම ගහන්නට බලාගෙන සිටින නිසා අදහස් ප්‍රකාශ කිරීමේදී ප්‍රවේශම් විය යුතු බවටයි.
අධිකරණ තීන්දුව රනිල්ගේ වාසියට
මේ අතරවාරයේ සිකුරාදා හරීන් ප්‍රනාන්දුගේ සහ මනූෂ නානායක්කාරගේ සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වය අධිකරණයෙන් අහෝසි කෙරිණි. ඒ අනුව ඔවුන්ගේ මන්ත්‍රී ධුර ද අහෝසි වේ. ඇමැති ධුර ද නැති වේ. විජේදාස ඉවත් වූ පසු අධිකරණ අමාත්‍යංශය තමන් යටතට ගත්තාක් මෙන්, රනිල්ට එක පෙළට අමාත්‍යංශ තමන් යටතට ගන්නට සිදුවන බවක් පෙනෙන්නට තිබේ.
මේ මන්ත්‍රී ධුර නැතිවීම ගැන තීන්දුව දුන් මොහොතේ ම කතාවක් ආවේය. එහිදී රනිල්ගේ පැත්තෙන් අපූරු කතාවක් පැවසිණි. ඒ, රනිල් අධිකරණයට බලපෑම් නොකරන බව ජනතාව අතර තහවුරු කරන්නට මෙය හොඳ අවස්ථාවක් බවයි. දේශබන්දු තෙන්නකෝන්ගේ තීන්දුව පිළිනොගනිමින් රනිල් කටයුතු කළ ආකාරය පිළිබඳ සමාජයෙන් මතු වූයේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. එය වෙනස් කර ගැනීමට මේ තීන්දුව භාවිත කරන්නේ කෙසේද යන්න සඳූදා - අඟහරුවාදා වන විට දැකගැනීමට හැකි වනු ඇත.
රනිල්ගේ මුල් තැන උතුරු-නැගෙනහිරට
ජනාධිපතිවරයා පසුගිය සතිඅන්තය ගත කළේ යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවල පැවැති රැස්වීම්වල ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී මෙන්ම කාරක සභා සභාපති අංගජන් රාමනාදන්ගේ නිවසේ ද රැස්වීමක් සංවිධානය කර තිබූ'අතර ඊට ජනපති රනිල් ගියේ සාගල රත්නායක ද සමග ය. උතුරේ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම විද්වතුන් හා තරුණ කණ්ඩායම් ද ජනපතිවරයා හමුවූ'පිරිස අතර විය. යාපනය රදගරු, නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූජකතුමා මෙන්ම නාගදීපයේ විහාරාධිපති හිමියන් ද රනිල් මුණගැසිණි.
මඩකලපුවට පැමිණි ජනාපධිතිවරයා එහි නිතීඥ ප්‍රජාව මුණගැසුණු අතර, එය සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා ය. එස්. වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ තරුණ හමුවකට ද එක්වූ රනිල්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් සංවිධානය කර තිබූ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හමුවකට ද ගියේය. වැලි බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබාගැනීමේදී පසුගිය සතියේ අත්අඩංගුවට ගත්තේ වියලේන්ද්‍රන්ගේ පෞද්ගලික ලේකම්වරයා ය.
තාත්තව එදා බේරගත්තෙ මම - රනිල්
ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ සැලසුම රනිල් පෞද්ගලිකව නිරීක්ෂණය කළ අතර, ඔහුගේ මැදිහත්වීමෙන් සජිත්ට ද කතාවක් ලබාදී තිබිණි. මුලදී සජිත්ට කතාවක් තිබුණේ නැත.
‘අනිවාර්යෙන්ම විපක්ෂ නායකතුමාට කතාවක් දෙන්න.’
රනිල් එසේ කියා තිබිණි. එම නිසා ආදාහන පූජෝත්සවයේ සැලසුම් කර තිබූ කතා දෙක, තුනක් බවට පත්විය.
මේ සතියේ රනිල්ගේ කොළඹ, මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ මාතෘකාව වී තිබුණේ ජනාධිපති පුතුන් දෙදෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ය.
‘පුත්තු දෙන්නගෙන් එක්කෙනෙක් තාත්තා පෙන්නනවා කියන එක ඇත්ත. අනෙක් කෙනාගෙ තාත්තව දෝෂාභියෝගයෙන් බේරගත්තෙ මම.’
රනිල් ඒ ගැන කියා තිබුණේ එහෙම කතාවකි.
‘සමගි ජන බලවේගයෙ සන්ධානගත වුණු මන්ත්‍රීවරු ඔක්කොම එතැන හිටපු අයමනෙ. දයාසිරිත් කාලයක් සජිත් එක්ක ඉඳලනෙ ශ්‍රී'ලංකා එකට හේත්තු වුණේ. දෙමළ-මුස්ලිම් පක්ෂ කියන්නෙ ම සජබෙන් පාර්ලිමේන්තු ආපු අය. අපේ කට්ටිය නම් හේත්තු වුණේ අරගලයෙන් පස්සෙ. ඉතින් මේක හරියට සජිත් - ජලනිව ආයෙත් විවාහ කරගත්තා වගේ වැඩක්.’
ඇමැති ප්‍රසන්න රණතුංග සජිත්ගේ රැස්වීම ගැන දිගට කතා කර තිබිණි. පාර්ලිමේන්තුවේදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා විසින් අයිඑම්එෆ් ගිවිසුම සංශෝධනය කරන බවට කළ ප්‍රකාශය ද රනිල්ගේ අවධානයට යොමු වී තිබිණි. එහෙත් රනිල්ට පෙර ඒ ගැන අදහස් දක්වා තිබුණේ ආශු මාරසිංහ ය.
රනිල් ගේමක් ගහන බව විශ්වාස කරන පිරිසක්
‘තානාපති කාර්යාල මේ ප්‍රකාශය නිසා කලබල වෙලා තියෙනවා. ඒ අය අපට කිව්වෙ නම් අයිඑම්එෆ් එක එහෙම ගිවිසුම් සංශෝධනය කරලා නෑ කියලා. ගිවිසුමක් ඒකපාර්ශ්විකව සංශෝධනය කරනවා කියන්නෙ ම ගිවිසුම අහෝසි වෙනවා කියන එක.’
අයිඑම්එෆ් කතාව වෙනත් පැත්තකට ඇදගෙන ගියේ ඇමැති ෂෙහාන් සේමසිංහ ය.
‘සජිත් ළඟට ගිය කට්ටිය කොන්දේසි දාලා තමයි ගිහින් තියෙන්නෙ. මේ අය එක්ක ජනාධිපතිතුමා රහසින් ගනුදෙනු කරන බව ප්‍රසිද්ධ කතාවක් නෙ. ජනාධිපතිතුමාට ෂුවර් නැත්නම් මේ ඡන්දෙ කවදාවත් තියන්නෙ නෑ. ජනාධිපතිතුමා වෙලාවට මේ අය ඇදලා ගනීවි කියලා පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කතාවුණා. එතැන රිෂාඩ් ඇමතිතුමත් හිටියා. ලොක්කා නිශ්ශබ්දව ගේමක් ගහනවා කියලා තමයි අපේ අය කතා වෙන්නෙ.’
රනිල් ඒ කතාවට කිසිවක් කියා නැත. කොහොමත් රනිල් ඔය වගේ කතාවලට කට ඉස්සර කරගන්නේ නැත.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිකා වික්‍රමසිංහගේ උපන්දිනයට බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ උපන් දින සාදයක් සූදානම් කර තිබිණි. ඇමති ප්‍රසන්න ඊට කේක් ගෙඩියක් ගෙනැවිත්, කෑගල්ලේ සියමලු මන්ත්‍රිවරුන්ට රාජිකා ලවා කේක් කවා ඇත.
රනිල් සහ මහින්ද අතර පැවැති සාකච්ඡාවලදී මහ මැතිවරණයකදී පොදුජන පෙරමුණු මන්ත්‍රී කෝටාව ගැන කතා කළ බවට වාර්තා රැසක් පළ විය.
‘ඒ හුඟක් සාකච්ඡාවලට කංචනයි, මමයි, ප්‍රසන්න ඇමතිතුමයි ගියා. කිසිම තැනක කෝටා එක ගැන සාකච්ඡා වුණේ නෑ.’
මහින්දානන්ද අලුත්ගමගේ උපන් නදි සාදයේදී සහතික දී තිබුණේ එසේ ය.
‘හැබැයි නිවුස් ගැහුවෙ අපේ ටිකට් එක ගැන සාකච්ඡා වුණා කියලනෙ.’
‘ඒව තනිකරම ප්ලාන්ට් නිව්ස්.’
‘ඒවගෙදි කතා වුණේ පොහොට්ටුවට තැන දීලා ඉතිරි වුණොත් අනෙක්ව ගැන සලකා බලනව කියලයි. ඇත්ත කතාව අපි දන්නවා.’
කංචන, ප්‍රසන්න සහ මහින්දානන්ද සාදයේ සිටි නවක මන්ත්‍රීවරුන්ගේ සැක-සංකා දුරුකර තිබුණේ එසේ කියමින් ය.
මේ අතර පොදුජන පෙරමුණේ තීරණයට පිටින් ගිය සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වමින් එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ලිපි නිකුත් කර තිබේ.
‘අපිට ඕනෙ නම් පක්ෂ තුනක් තියෙනවා’
‘මහ ලේකම්තුමා අපිට විරුද්ධව නීතිමය පියවර ගන්නව කියල ලිපි එවලා. ඒවට මොකද වෙන්නෙ?’
‘ඔය ලිපිවල කිසිම වලංගු බවක් නෑ. නඩු දැම්මත් මන්ත්‍රි ධුර අහෝසි කරන්න ලොකු කාලයක් යනවා. ඒක නිසා බයවෙන්න එපා.’
ඒ උත්තරය දී තිබුණේ ජනාධිපති නීතිඥ අලි සබි්‍ර ය. කාලයක් ගොස් මනූෂගේ සහ හරීන්ගේ මන්ත්‍රි ධුර අහෝසි වීමට පෙර ය, මේ සාකච්ඡාව තිබුණේ.
‘දැන් අපි පක්ෂයේ තීරණයට පිටින් ගිහිල්ල ජනාධිපතිතුමාට සහය දක්වනවා. දැන් අපිට යන්න තැනක් නෑ. අපේ වගකීම කවුද බාරගන්නෙ?’
බොහෝදෙනෙකුට තිබූ ප්‍රශ්නය අසා තිබුණේ පොළොන්නරුවේ ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා ය.
‘බයවෙන්න එපා. අපි මේව ගැන මෙච්චර කල් කතා කළේ නෑ. අපිට ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වෙන්න පක්ෂ තුනක් තියෙනවා.’
ඇමති ප්‍රසන්න රණතුංග එසේ පවසා තිබිණි.
‘එතකොට අපි යූඑන්පියට යන්නෙ නැද්ද?’
‘නෑ. අපි එක්සත් ජාතික පක්ෂයට යන්නෙ නෑ. අපි නව සන්ධානයක් හදනවා. අපි ඒකට පියවර අරගෙන තියෙන්නෙ.’
ප්‍රසන්න සමග මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වැලට උත්තර දුන්නේ අලි සබි්‍ර ය.
‘මේ හදන අලුත් සන්ධානය රටේ ප්‍රමුඛතම දේශපාලන බලවේගය කරන්නෙ අපි. අපි අපිට මූලිකත්වය දීලා තමයි අනෙක් ඒවට බෙදන්නෙ.’
No comments:
Post a Comment